top of page

 සුදුසුකම

1. තරඟකරුවන් වයස අවුරුදු 10 ට වැඩි විය යුතුයි.

2. තරඟයට සහභාගි විය හැක්කේ ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන්ට සහ Hurja Piruetti නර්තන පාසලේ සිසුන්ට පමණයි.

3. තරඟකරුවන්ට තමන් කැමති නර්තන ශෛලියක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

 

 

ඉදිරිපත් කිරීම් සඳහා නීති රීති 

 

4. පටිගත කරනු ලබන ඉදිරිපත් කිරීම් විනාඩියකට වැඩි නොවිය යුතුය.

5. ඉදිරිපත් කරන වීඩියෝව කිසිඳු සංස්කරණයක් සිදු නොකල වීඩියෝවක් විය යුතුය.

6. භාවිතා කරනු ලබන සංගීත කණ්ඩයන් කතෘ හිමිකම් ( Royality Free Music )  නොමැති සංගීත කණ්ඩ විය  යුතුයි.

7. තරඟකරුවන් තම නර්තන නිර්මාණ එවීමේදී තමන්ගේ නම, දුරකතන අංකය සහ ඊමේල් ලිපිනය සඳහන් කල යුතු වේ.

 

 

අදාල වන කොන්දේසි 

 

8. දෙවන අදියර සඳහා තෝරා ගනු ලබන තරඟකරුවන් තිදෙනා, Hurja Piruetti පාසලේ සිසුන් සමඟ අනිවාර්යයෙන් සති හතරක් තුල තමන්ගේ නිර්මාණයන් සාදා ගැනීම සඳහා Online තාක්ෂණය ඔස්සේ පුහුණුවීම් සිදු කල යුතු වේ.

9. තෝරා ගන්නා ලද සංගීත කණ්ඩ වෙනස් කිරීමට තරඟ සංවිධායකට පූර්ණ අයිතිය සහිතයි. 

10. තරඟය සඳහා ඉදිරිපත් කරන සියලුම වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමටත්, ප්‍රචාරන කටයුතු සඳහා භාවිතා කිරීමටත් තරඟ සංවිධායකට පූර්ණ අයිතිය සහිතයි.

 

 

ඔබ සියලුම දෙනාගේ ඉදිරිපත් කිරීම් බලාපොරොත්තුවෙන් සිටින අතර සියලු දෙනාටම සුබ පැතුම්!

Dream_dance_duo-7-removebg-preview.png
  • Tick tack
  • Facebook
  • YouTube
  • Instagram
HP-logo-2020-bg_A-6-removebg-preview.png
bottom of page