top of page
Art Education Between Cultures - Dance-2

ABC´d – ඩිජිටල් නර්තන සංචාරයක්

ABC’d යනු සංස්කෘතීන් සහ නර්තනය අතර ඇති කලා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ව්‍යපෘතියක්. මේ ව්‍යපෘතිය හරහා විවිධ සංස්කෘතීන්වල නර්තන ශිල්පීන්ට, එකිනෙකා හඳුනා ගැනීමට අවස්ථාවක් සලසා දී තිබේ. මේ ව්‍යාපෘතියේ මුල්ම අදියර වශයෙන් ඒකල අංශයේ (Solo) තරඟ පවත්වනු ලබනවා. තමන් කැමති ඕනෑම නර්තන ශෛලියක් ඔස්සේ තරඟකරුවන්ට තම දක්ෂතාවය පෙන්වීමට අවස්ථාව සැලසේ. මේ ව්‍යාපෘතියේ දෙවන කොටස වශයෙන් අපි තෝරා ගත් තරඟකරුවන් යුගල වශයෙන් එකතු කිරීම සිදු කරනු ලබනවා. මෙහිදී ෆින්ලන්තයේ තරඟකරුවන් සමඟ ලංකාවෙ සිටින තරඟකරුවන්ට ඩිජිටල් වේදිකාවක් මත එකට නර්තනයෙ යෙදෙන්න අවස්ථාව සැලසෙනවා. 

මේ තරඟය සංවිධානය කරන “Hurja Piruetti Western Uusimaa Dance Institute” යනු ෆින්ලන්තයේ Raseborg ප්‍රදේශයේ පිහිටා තිබෙන නර්තන පාසලකි. ෆින්ලන්තයත් ලංකාවත් අතර මේ මිත්‍රත්වය ආරම්භ වෙන්නෙ 2020 වසරේ මුල් භාගයේදී ය. ඒ ලංකාවෙ දක්ෂ නර්තන ශිල්පීන් හතර දෙනෙක් ෆින්ලන්තයේ පුහුණුව සඳහා යැවීමත් සමඟ ය. මෙය සිදු වෙන්නෙ දෙරණ Tv සහ Hurja Piruetti අතර ඇති වූ සහයෝගීතාවක් මත ය. මේ සාර්ථක ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ, සතිස් හෙට්ටිතන්ත්‍රි මහතා සහ එම පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන Katja Köngäs මහත්මියයි. 

ශ්‍රී ලංකාවෙ සිටින සියලුම දක්ෂ නර්තන ශිල්පීන්ට කරන විවෘත ආරාධනයක්!

#1 ව්‍යාපෘතියේ මූලික අදියර, ඒකල අංශය - අවසාන දිනය: 01.11.2020

#2 ව්‍යාපෘතියේ දෙවන අදියර, Hurja Piruetti පාසල විසින් යුගල කාණ්ඩය යටතේ තරඟ කිරීමට සුදුසු නර්තන ශිල්පීන් තිදෙනෙක් ලංකාවෙ තරඟකරුවන් අතරින් තෝරාගැනීම. - දිනය:15.11.2020

#3 යුගල කාණ්ඩයේ තරඟ පැවැත්වීම. - දිනය: 15.12.2020

සියලුම නර්තන ශිල්පීන්ට තමන් රූපගත කල වීඩියෝ දර්ශන 05.10.2020 දින සිට 31.10.2020 දින දක්වා අපට එවීමට හැකියාව තිබේ.

Are you the one we are looking for?-3.pn
අප අමතන්න

ඔබගේ පණිවිඩයට ස්තූතියි

Dream_dance_duo-7-removebg-preview.png
  • Tick tack
  • Facebook
  • YouTube
  • Instagram
HP-logo-2020-bg_A-6-removebg-preview.png
bottom of page